43.4%
15.4%
30.9%
September 7, 2023

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රුපියල් 260/-, සම්බා රුපියල් 230/-, නාඩු රුපියල් 220/-, රතු කැකුලු රුපියල් 210/- ක් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව සහල් අලෙවි කිරිමේදී ඉහත මිල ගණන් වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළඳුන් වෙත දැනුම්දෙනු ලබයි.

වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක්ද, පෞද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 05 සිට රුපියල් මිලියන 05 දක්වා දඩ මුදලක්ද අධිකරණය මගින් නියම කළ හැකි බවද අධිකාරිය පෙන්වාදෙයි.

සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැලක් වේ නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත් සිල්ලර වෙළඳුන් පවසන්නේ, තොග වෙළඳුන් සහල් ලබාදෙන මිල ගණන් අනුව මෙම පාලන මිලට පාරිභෝගිකයාට සහල් ලබාදීම ගැටළුවක් බවයි.

43.4%
15.4%
30.9%