52%
16.8%
23.9%
September 7, 2023

ශ්‍රී ලංකාවේ යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හෙවත් ICCPR සෘජුවම උල්ලංඝනය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නවතම වාර්තාවෙන් අනාවරණය කර ඇත.

යෝජිත විකාශන නියාමන කොමිෂන් සභාව සඳහා වන කෙටුම්පත් කෙටුම්පත ප්‍රකාශනයේ නිදහස තවදුරටත් සීමාකිරීමට ඇති හැකියාව පිළිබඳව කනස්සල්ල මතු කරන අතර, එය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 19 (3) වැනි වගන්තියට නොගැලපෙන බව බදාදා (06) නිකුත් කරන ලද වගවීම පිළිබඳ වාර්තාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් පෙන්වාදී තිබේ.

මෙම කෙටුම්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සිදුකරන ආකාරයටම සිවිල් අයිතිවාසිකම්වලට සීමා පනවා ඇති බව වාර්තාව තුළින් හෙළිකර තිබේ.

වෝල්ටර් ටර්ක් සිය වාර්තාවේ මෙසේද සදහන් කර ඇත.

“මැයි 26 වැනිදා රජය විකාශන මාධ්‍ය නියාමනය කිරීමේ සැලසුම් එළිදක්වා ඇත. පවතින නීති යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන ඇතුළු විකාශන නාලිකා සදහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමට, අලුත් කිරීමට හෝ අවලංගු කිරීමට බලය ඇති විකාශන නියාමන කොමිසමක් පිහිටුවීමට කෙටුම්පත යෝජනා කර තිබේ. මෙම නියාමන කොමිෂන් සභාව රජය පත් කළ නිළධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

එහි ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් පවතී. විකාශන සේවා මගින් මිනිසුන්ට සත්‍ය නිවැරදි තොරතුරු සැපැයිය යුතු බව සහතික කිරීම පනත් කෙටුම්පතේ අරමුණ වී තිබේ. එහි විකාශනය තහනම් කිරීමක් ද ඇතුළත් වේ. එහි සඳහන් වන්නේ, ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට තර්ජනයක් විය හැකි හෝ ජාතිය සහ ආගම අතර ගැටුමක් ඇති විය හැකි ඕනම දෙයක්” ලෙසිනි.”

52%
16.8%
23.9%