52%
16.8%
23.9%
September 7, 2023

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ඔක්තෝබර් 11 වැනිදා මෙරට පැවැත්වීමට නියමිත 23 වැනි ඇමැති මණ්ඩල රැස්වීමේදී 2023 සිට 2025 දක්වා කාලය සඳහා ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව දරනු ඇත.

ඇමැති මණ්ඩල රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25වැනි රැස්වීම පැවැත්වේ.

මීට පෙර 2003 සිට 2004 දක්වා කාලයේදී IORAහි සභාපතීත්වය දරා ඇති ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතිත්වය භාර ගන්නා දෙවන අවස්ථාව මෙය වේ.

එම සංගමයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය ඇමැති මණ්ඩලයවන අතර, විදේශ ඇමැති අලි සබ්‍රි විසින් මීට පෙරදී මෙරට සභාපතීත්වය දරා ඇත.

එමෙන්ම විදේශ ලේකම් අරුණි විජේවර්ධන ඇමැති මණ්ඩලයට පෙර ඉන්දියානු සාගර කලාපීය සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ මුලසුන හොබවා තිබේ.

ඉන්දීය සාගර කලාපීය ඇමැති මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම් සඳහා සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් ලෙස විදේශ කටයුතු ඇමැතිවරුන්, ඔවුන්ගේ නියෝජිතයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

ඉන්දියානු සාගර කලාපීය සංගමයේ මෙරට සභාපතිත්වය සඳහා වන ලේකම් කාර්යාලය, බංග්ලාදේශයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ විධායක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ලේකම් කාර්යාලයට අනුයුක්ත කෙරේ.

52%
16.8%
23.9%