52%
16.8%
23.9%
September 7, 2023

පාතාල නායකයකු වන හරක් කටා බේරාගැනීම සදහා කැබිනට් ඇමැතිවරයකු සහ ඔහුගේ පුත්‍රයකු දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙම ඇමැතිවරයා සහ ඔහුගේ පුත්‍රයා හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඇති අතර, හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙස බලපෑම් එල්ල කරමින් සිටින බවද වාර්තා සදහන් කරයි.

මෙම කැබිනට් ඇමැතිවරයා මහජන ආරක්ෂක ඇමැතිවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අනෙකුත් කැබිනට් ඇමැතිවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

52%
16.8%
23.9%