49.8%
16.4%
25.8%
September 6, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑමකට ලක් වී තිබෙන බව වාර්තා වේ.

තමන්ව එම තනතුරෙන් නෙරපා හැරීමට පක්ෂය තුළම පිරිස් උත්සාහ දරන බවත්, පක්ෂය තුළ මතවාදී බෙදීමක් පවතින බවත් මහලේකම්වරයා පසුගිය ඉරිදා පැවැති පක්ෂ සම්මේලනයේ දී සඳහන් කළේය.

මහජන සහයෝගය නොමැති ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම පවසා ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කිරීම පිටුපස, මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින ශ්‍රීලනිප කණ්ඩායම සිටින බව වාර්තා වේ.

පසුගියදා පැවැති පක්ෂ සම්මේලනය කුරුණෑගල හෙට්ටිපොලදී පැවැත්වීමට දයාසිරි ජයසේකර කටයුතු සංවිධානය කර තිබුණද, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ බලපෑම මත, අවසානයේ සමුළුව කොළඹදී පැවැත්විණි.

49.8%
16.4%
25.8%