53.84%
19.85%
20.11%
September 4, 2023

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ‘පූර්ණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක්’ ආරම්භ කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් යළි ඉල්ලා සිටිති.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගිය සතියේ කතෝලික සභාව ඇතුළු කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාර පිටුපස ඇති සත්‍යය හෙළි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා සම්බන්ධ වන ලෙසයි.

පසුගියදා දේවස්ථානයක දේව මෙහෙයක් අමතමින් අගරදගුරු හිමිපාණන් චෝදනා කළේ, ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට සාධාරණය ඉටු කළ බවට පුරසාරම් දොඩනවා හැර මහජන ආරක්ෂක ඇමැතිවරයා ඇතුළු බලධාරීන් කිසිවක් නොකරන බවයි.

“ඇමැතිවරයා පවසන්නේ ඔවුන් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඊට අදාළ විමර්ශනවලින් 99% ක් අවසන් බවත්ය. නමුත් අහිංසක ජනතාවට සාධාරණයක් ඉටු වී තිබෙනවාද? ඔවුන්ගේ කඳුළු වල වගකීම භාරගන්නේ කවුද? ඇමැතිතුමා ඒක කරනවද? ඒ නිසා බොරුවට එහාට මෙහාට නොගොස් තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න. කළ යුතු දේ නොකර ඔබතුමා සමඟ සාකච්ඡා කරන්න ආවේ නෑ කියලා චෝදනා කරලා වැඩක් නැහැ.” මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එහිදී චෝදනා කළහ.

තමන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම බව අවධාරණය කරන කාදිනල් හිමිපාණන් පවසන්නේ, එය ස්වාධීන කණ්ඩායමක් හරහා සිදුකළ යුතු බවයි.

ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක කර නොමැති බවත්, එහි ඇතැම් නිර්දේශ සඟවා ඇති බවත්, එතුමෝ වැඩිදුරටත් චෝදනා කරති.

(The Mprning)

53.84%
19.85%
20.11%