53.75%
18.97%
20.99%
September 3, 2023

ශ්‍රී ලාංකිකයන් දසදෙනෙක්ගෙන් හයක් අවදානමට ලක්ව ඇත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය, ණය, අධ්‍යාපනය නොමැතිකම සහ ව්‍යසනවලට අනුවර්තනය වීමේ නොහැකියාව හේතුවෙන් බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ Oxford’s Poverty and Human Development Initiative (OPHI) විසින් සිදුකරන ලද නව සමීක්ෂණයට අනුව, ජනගහනයෙන් සියයට 55.7 ක් හෝ මිලියන 12.3 ක ජනතාවක් විවිධ පැතිවලින් අවදානමට ලක්වන බව සොයාගෙන ඇත.

නිවාස 25,000ක නියැදියක් සමඟ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම ජනතාව වෙත බලපෑ ආකාරය ගවේෂණය කළ මෙම සමීක්ෂණය පසුගිය වසරේ නොවැම්බර් සිට මේ වසරේ මාර්තු දක්වා පවත්වා තිබේ.

රටේ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 12.34ක් වන අතර, ඉන් මිලියන 10.13ක් ග්‍රාමීය පදිංචිකරුවන් වන බවත්, විශේෂයෙන්ම ඔවුන් නැගෙනහිර, උතුර සහ උතුර මැද පළාත්වල වාසය කරන බවත් සමීක්ෂණයෙන් හෙළි වී ඇත.

වාර්තාවට අනුව ජනගහණයෙන් සියයට 33.4ක් ආහාර වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා ණයට ගැනීම ඇතුළු ණය සම්බන්ධ දර්ශකවල අවදානම් සහ අහිමිවීම් අත්විඳින බව සොයාගෙන තිබේ.

ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට (සියයට 48.8) ආපදා සූදානමක් නොමැති බවත්, ආපදා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් සූදානමක් නොමැති බවත්, වාර්තාව අවධාරණය කර ඇති අතර එමඟින් ජනගහනය ඉහළ අවදානමකට නිරාවරණය වේ.

53.75%
18.97%
20.99%