September 3, 2023

ආසියානු කුසලානය මීට දින හතරකට පෙර ආරම්භ වූ අතර එය කණ්ඩායම් හයක් පමණක් සහභාගී වන කෙටි තරඟාවලියකි. ඒ අනුව බංග්ලාදේශය තරගාවලියෙන් ඉවතට විසි වීමේ අනතුර සමග අද පිටියට පිවිසෙන්නේ තරගාවලිය ආරම්භ කරන ඇෆ්ගනිස්තානයට එරෙහිවයි. ඒ අනුව අද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත.

කෙසේ වෙතත් පීඩනය සෘජුවම එල්ල වී තිබෙන්නේ බංග්ලාදේශය මතය. පළමු තරගයේදී නජ්මුල් ෂැන්ටෝ හැරුණු විට කිසිදු පිතිකරුවෙක්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අතර පන්දු යවන්නන් ද නිසි එල්ලයකට පන්දු යැවීමට අපොහොසත් විය.

අද තරගය පැවැත්වෙන ලාහෝර් කණ්ඩායම් දෙකටම හුරුපුරුදු ක්‍රීඩාංගනයක් නොවේ. බංගලාදේශය ගඩාෆි ක්‍රීඩාංගණයේදී අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2008 වසරේදී වන අතර, අද තරගයට එක්වන එම කණ්ඩායමේ සිටි එකම ක්‍රීඩකයා මුෂ්ෆිකර් රහීම්ය. ඇෆ්ගනිස්තානය සඳහා, අද තරගයපාකිස්තානයේදී ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර තරගය වනු ඇත.

ඇෆ්ගනිස්තානය මෙම තරඟයට පිවිසෙන්නේ පකිස්ථානය හමුවේ ලද 0-3ක පරාජයක් ද සමගින්. ඇෆ්ගනිස්තානය 2022 ආරම්භයේ සිට එක්දින තරගවලදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් Rahmanullah Gurbaz, Ibrahim Zadran සහ Rahmat Shah මත දැඩි ලෙස රඳා සිටිති. නමුත් මෑත කාලීනව රහ්මාත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වූ අතර පාකිස්තානයට එරෙහි දෙවැනි හා තුන්වැනි එක්දින තරගවලදී ඔහුට කණ්ඩායමේ ස්ථානයක් පවා අහිමි විය.

මැදපෙළේ, එක්දින ක්‍රිකට් දිවියට තරග පහක් පමණක් ක්‍රීඩා කර ඇති රියාස් හසන්, දණහිසේ ආබාධයකින් පසු නැවත පැමිණෙන නජිබුල්ලා සද්‍රාන් සහ වසර හයකින් එක්දින තරගයකට ක්‍රීඩා නොකළ කරීම් ජනත් සිටී. කෙසේ වෙතත්, පසුගියදා බංග්ලාදේශය, එක්දින තරගාවලියක පරාජය කිරීම මත ඇෆ්ගනිස්ථානය යම් විශ්වාසයක් ඇතුව අද තරගයට ක්‍රීඩා කරයි.

විශේෂයෙන්ම එම එක්දින තරගාවලියේදී වැඩිම හානියක් සිදු කළ ෆසාල්හක් ෆාරුකිගේ වමත් වේග පන්දුවට එරෙහිව බංගලාදේශය වේලාසනින් ප්‍රවේශම් විය යුතුයි.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

මුස්තාෆිසුර් රහ්මාන් දණහිසේ ආබාධයකින් පෙළෙමින් පළමු තරගය ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු ක්‍රියාත්මක කළේ පන්දුවාර තුනක් පමණි. ඔහු විවේක ගන්වා වේගපන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් සමඟ ක්‍රීඩා කිරීමට බංග්ලාදේශයට අවශ්‍ය වනු ඇත. අද්දැකීම් අඩු ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වෙනුවට අනමුල් හක් කණ්ඩායමට ඇතුලත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

බංග්ලාදේශ : 1 මොහොමඩ් නයිම්, 2 ටැන්සිඩ් හසන්/අනමුල් හක්, 3 නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4 ෂකීබ් අල් හසන් (නායක), 5 තවුහිද් රිදෝයි, 6 මුෂ්ෆිකර් රහීම් (කඩුලු රැකීම), 7 මෙහිදි හසන් මිරාස්, 8 අෆීෆ් හොසෙන්, 9 ටස්කින් අහමඩ්, 10 මුස්තාෆිසුර් රහ්මාන් / හසන් මහමුද්, 11 ෂොරීෆුල් ඉස්ලාම්

ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි නජිබුල්ලා යළි 11 දෙනා අතරට යළි පැමිණිමට අවස්ථාවක් ඇති අතර, අත්දැකීම් බහුලත්වය හේතුවෙන් රහමත් කණ්ඩායමේ සිටීම ඇෆ්ගනිස්ථානයට වැදගත් වනු ඇත.

ඇෆ්ගනිස්ථානය : 1 රහමනුල්ලා ගුර්බාස් (කඩුලු රැකීම), 2 ඉබ්‍රහිම් සර්දාන්, 3 රියාස් හසන්/රහමත් ෂා, 4 හෂ්මතුල්ලා ෂහිඩි (නායක), 5 නජිබුල්ලා සර්දාන්, 6 මොහොමඩ් නබි, 7 කරිම් ජනට්, 8 රෂීඩ් ඛාන්, 9 මුජීබ් උර් රහ්මාන්, 10 ෆසාල්හක් ෆාරුකි, 11 අබ්දුල් රහ්මාන්

තණතීරුවේ ස්වභාවය

තරග ආරම්භයේදී පැහැදිලි නිල් අහසක් ලාහෝර්හි අපේක්ෂා කෙරෙන අතර සවස් කාලයේ උෂ්ණත්වය අංශක 25 ක පමණ අගයක් විය හැකියි. වර්ෂාව ඇද හැලෙනු ඇතැයි  අනාවැකි පළකර නොමැත. මෑත කාලයේ ගඩාෆි ක්‍රීඩාංගනය පිතිකරුවන්ට වඩා වාසිදායක එකකි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව එක්දින තරගාවලියක් සඳහා පැමිණි අවස්ථාවේදී ඉනිම් හයෙන් තුනක්ම ලකුණු 300කට වඩා වාර්තා විය. වඩාත් මෑතක දී, මේ වසරේ අප්‍රේල් මාසයේදී, නවසීලන්තය සහ පකිස්තානය ද මෙහි ඉහළ ලකුණු ලබා ගත් 20/20 තරග ගණනාවක් ක්‍රීඩා කළහ.