62.84%
16.47%
16.86%
September 2, 2023

බීමත්ව මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ භාණ්ඩ සොරාගත් කැටයම් තාරක යන අය සහ කොස් ඇට මහතුන් නැමැත්තාගේ පුත්‍රයා සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

රියදුරු රැකියාවේ නිරතවන 45 හැවිරිදි පුද්ගලයකු මත්පැන් පානය කර ගල් තඹරාව පාසල ඉදිරිපිට නිදාගෙන සිටියදී සැකකරුවන් දෙදෙනා ඔහු සතු වූ භාණ්ඩ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.

පැමිණිලිකාර රියදුරාගේ ගෙළ බැඳි රන්මාලය, ජංගම දුරකථනය, පසුම්බියේ තිබූ මුදල් මෙන්ම උපැස් යුවළ ද සොරකම් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොළොන්නරු පොලිසිය මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

62.84%
16.47%
16.86%