56.8%
18.59%
20%
September 2, 2023

ශ්‍රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවේ ලොව ඉහළම A-ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනාගේ ලැයිස්තුවේ නම් කර ඇත.

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව 2023 වසර සඳහා A+, A, හෝ A- ශ්‍රේණි ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් නිකුත් කර ඇත.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය සහ පොළී අනුපාත කළමනාකරණයේ සාර්ථකත්වය කර ඇති ආකාරයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රේණි A සිට F දක්වා පරිමාණයක් මත මෙම ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් විසින් සකස්කර ඇත. එහි “A” යනු සම්පූර්ණ සාර්ථකත්වයයි.

මෙම ලයිස්තුවේ A+ කාණ්ඩයට රටවල් 03ක් නම්කර ඇති අතර , එහි ඉහළින්ම පසුවන්නේ ඉන්දීය මහ බැංකුවේ ප්‍රධානී ශ්‍රී ශක්තිකාන්ත දාස් ය. එම කාණ්ඩයට ස්විට්සර්ලන්තය සහ වියට්නාමය අයත්වේ.

A කාණ්ඩයට බ්‍රසීලය, ඊශ්‍රායෙල්, මොරිෂස්, නවසීලන්තය, පැරගුවේ, පේරු, තායිවානය සහ උරුගුවේ යන රටවල මහ බැංකු අධිපතිවරු අයත් වෙයි.

A- කාණ්ඩයට ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයාද ඇතුළුව කොලොම්බියාව, ඩොමිනිකානු ජනරජය, අයිස්ලන්තය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, නෝර්වේ, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව යන රටවල මහ බැංකු අධිපතිවරු ඇතුළත් වේ.

56.8%
18.59%
20%