60.21%
17.34%
18.42%
September 1, 2023

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් එම තනතුරට පත්ව කෙටි කාලයක් ගතවීමටත් පෙර,නැගෙනහිර පළාත තුළ අර්බුද රැසක් නිර්මාණය කර,ජාතීන් අතර අසමගිය ඇති කර තිබෙන බවත්,ආණ්ඩුකාරවරයා සිංහයකු සේ රගපෑවද මේ වන විට බල්ලෙක් තරමට වැටී ඇති බවත් මොරවැව තිඹිරිවැව රජ මහා විහාරාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමියෝ පැවසූහ.

ත්‍රීකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මංඩලය අද පෙරවරුවේ ත්‍රීකුණාමලයේ දී කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළකළහ.

බොරලුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් කටයුතු නතර කරන ලෙස ආණ්ඩුකාරවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය ඉවත් කර ගැනීම සදහා පසුගිය 28 දා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඇතිවූ තත්වයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම ජනමාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙහිදී මොරවැව තිඹිරිවැව රජ මහා විහාරාධිපති පොල්හේන්ගොඩ උපරතන හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ,ආණ්ඩුකාරවරයා පැමිණ කෙටි කාලයක් ගතවීමටත් පෙර,නැගෙනහිර පලාත තුල අර්බුධ රැසක් නිර්මාණය කර,ජාතීන් අතර අසමගිය ඇතිකර ඇති බවත්,ආණ්ඩුකාරවරයා සිංහයෙකු සේ රගපෑවද මේ වන විට බල්ලෙක් තරමට වැටී ඇති බවයි.

ආණ්ඩුකාරවරයා බොරලුකන්ද විහාරස්ථානය ඉදි කිරීමට ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව කියා සිටින්නේ,ප්‍රාදේශිය සභා පනත පිළිබඳව නොදන්නා නිසා බවත්, ආගමික ස්ථාන ආදායම් බද්දෙන් නිදහස් බැවින් ආගමික ස්ථාන ඉදි කිරීමේදී ඒ සදහා අවසරය අවශ්‍ය නොමැති බව ආණ්ඩුකාරවරයා නොදැන සිටිනවා විය හැකි බවත් උන්වහන්සේ එහිදී පෙන්වාදුන්හ.

එසේම ආණ්ඩුකාරවරයා මේ වන විට ඉන්දියාව සමග එකතු වී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් ඇතුළු තවත් විශාල ඉඩම් ප්‍රමාණයක් මහජනයාගේ උදුරා ගන්නා තත්වයක් අරති වී ඇති බවත්,ඊට එරෙහිව ඉදිරියේදී මහා සංඝ රත්නය පාරට බසින බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

උපරතන හිමියන් එහිදී තවදුරටත් කියාසිටියේ,සිංහල බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය කපිල නුවන් අතුකෝරල මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩුකාරවරයා ආරක්ෂා කිරීමට උත්සහ කිරීම පිළිබඳව ලැජ්ජා වන බවයි

60.21%
17.34%
18.42%