August 31, 2023

චීනයේ සයිනොපෙක් සමාගම විසින් පවරාගනු ලැබූ පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු විසින් බව අනාවරණය වේ.

සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලකයකු ලෙස සේවය කරන මෙම නිලධාරියා විසින් සයිනොපෙක් සමාගමට පවරාදීමට පෙර මෙම මත්තේගොඩ ඉන්ධන පිරවුම්හලේ නිරීක්ෂණ කටයුතු භාරව සිට ඇත.

කෙසේවතත් සයිනොපෙක් සමාගමට මෙම පිරවුම්හල පවරාදීමෙන් අනතුරුව, ඊයේ සිදුකෙරුණු විවෘත කිරීමේ අවස්ථාවට එක්ව ඇති එම නිලධාරියා, අදාළ අවස්ථාව සයිනොපෙක් වෙනුවෙන් වීඩියෝගත කරමින් ඊට හඬ මුසුකරන ආකාරයද දැකගත හැකිය.

මෙම නිලධාරියා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උත්සව අවස්ථාවලදී ඒවායේ නිවේදන කටයුතු සිදුකරන අයකු බවද වාර්තා වේ.

සංස්ථා සේවකයන් ප්‍රශ්න කරන්නේ, පෞද්ගලික සමාගමක් වෙනුවෙන් මෙලෙස නිවේදන කටයුතු සිදුකිරීමට අදාළ නිලධාරියාට බලය ලබාදුන්නේ කවුරුන්ද යන්නයි.

පහතින් දැක්වෙන්නේ අදාළ නිලධාරියා විසින් සයිනොපෙක් සමාගමට ප්‍රචාරය ලබාදෙමින් පටිගත කළ වීඩියෝවයි.