Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනයට තුඩුදී ඇති චීන පර්‌යේෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) වෙත ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණීමට අවසර ලබාදීමට කටයුතු කරද්දීම ජනවාරියේත් තවත් චීන නැවක් මෙරටට එවීමට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් චීනය අවසර ඉල්ලා ඇත.
චීන රජයෙන් පසුගිය සතියේ ජනවාරියේ මෙරටට පැමිණෙන මෙම නෞකාව සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබේ.
ෂි යැන් 06 පර්‌යේෂණ නෞකාව ලබන ඔක්තෝබරයේ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබූ අතර නාරා ආයතනය විසින් රුහුණු විශ්වවිද්‍යාලය සමග කරන පර්යේෂණයක් සඳහා මෙම නැව මෙරටට පැමිණීමට නියමිතය.
ලබන ජනවාරියේ මෙරටට පැමිණීමට නියමිත පර්‌යේෂණ නෞකාව මෙරට කිසිදු රාජ්‍ය ආයතනයක් සමග සම්බන්ධ කරන පර්යේෂණයක් සඳහා එක්වන බවට මෙතෙක් දැනුම් දී නොමැති බවද විදේශ කටයුතු ආරංචි මාර්ග පවසයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ යැන්ග් වැන්ග් 05 චීන පර්‌යේෂණ නෞකාව මෙරටට පැමිණීමත් සමග ඉන්දීය රජයෙන් දැඩි බලපෑමක් එල්ල වූ අතර ඉන්පසුව විදේශ නැව් සඳහා මෙරටට පැමිණීමට අවසර ලබාදීමේ ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීමටද ශ්‍රී ලංකා රජයට සිදුවිය.
මේ සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය (SOP) නැවත සමාලෝචනය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත්තේය.
එයට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර නුදුරේදීම ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත එය ඉදිරිපත් කිරීමටද නියමිතය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart