August 28, 2023

කොළඹ රාජකීය විද්‍යාලයේ කණිෂ්ඨ නේවාසිකාගාරයේ රැඳී සිටියදී අතුරුදන් වූ එකොළොස් හැවිරිදි සිසුවා මැදවච්චිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි.

ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගෙන මැදවච්චිය ප්‍රදේශයේ සිට රාජකීය විද්‍යාලයට පැමිණ ඇති මෙම සිසුවා 06 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි.

නේවාසිකාගාර පාලකයන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හොර රහසේ මැදවච්චියේ පිහිටි නිවස වෙත සිසුවා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිසුවා අතුරුදන් බවට කුරුදුවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව දරුවා සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.