August 27, 2023

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක පාසල් 525 න් තෝරාගත් පාසල් වලට මෙහිදී සිසුන්ට ඇතුළත් විය හැකි බවය.

මෙම පාසල් වලට ඇතුළත් කර ගැනීමේ දී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් – අසමත් භාවය සලකනු නොලැබේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියෙන් පාසල් අධ්‍යන කටයුතු සම්පූර්ණ කර 13 වන ශ්‍රේණියේ දී වෘත්තීය විෂයයන් ගෙන් එක යටතේ ඇති NVQ 4 මට්ටමේ වෘත්තිය පුහුණු පාඨමාලාවන් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.

ළමා මනෝ විද්‍යාව, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය,  ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා, ප්‍රාසංගික කලාව, ශිල්ප කලාව, ග්‍රැෆික් නිර්මාණකරණය, පාරිසරික අධ්‍යනය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය, ඉදිකිරීම් තාක්ෂණය ඇතුළු විෂයන් 26 ක් ඊට ඇතුළත් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා සතියේ දිනවල පෙරවරු 9 ත් පස්වරු 4 ත් අතර 0112 787 136 – 0112186 746 අංක වලට අමතන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.