August 27, 2023

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් ලක්ෂ 08කට අදාළ මුදල් හෙට (28) බැංකුවලට බැර කෙරේ.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසුවේ තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් සඳහා මෙම මුදල් ⁣බැර කරන බවයි.

එමගින් ජූලි මාසයට අදාළ ගෙවීම් සිදු කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ලක්ෂ 15 කට අධික පිරිසක් දැනට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.