August 22, 2023

කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍ර බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල (Umandhawa Green Hut) අද (22) විවෘත කර තිබේ.

සිරි සමන්තභද්‍ර හිමියන් විසින් ආරම්භ කළ උමංදාව සංකල්පයේ තවත් එක් පියවරක් ලෙස උමංදාව හරිත අලෙවිසැල් දිවයින පුර ව්‍යාප්ත කිරීමට නියමිතව ඇත.

එහි පළමු පියවර ලෙස අද දින මෙම අලෙවිසැල ආරම්භ කර තිබේ.

දේශීයත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් සිදුකෙරෙන වගාවන්හි ඵලදාව මෙන්ම එම ඵලදාවේ නව ආහාර වට්ටෝරු රට පුරා වෙසෙන ජනජනතාවට බෙදාහැරීම මෙහි අරමුණ වී ඇත.