August 18, 2023

දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබ සිටින අග්බෝ හස්තියාට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායම අඛණ්ඩව ප්‍රතිකාර සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඊයේ(17) අග්බෝ හස්තියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

පැය පහකට ආසන්න මෙහෙයුමක් සිදු කර ඇතාට ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට මෙම වෛද්‍ය කණ්ඩායම කටයුතු කල අතර අග්බෝ ඇතාව නිද්‍රා කිරීමෙන් අනතුරුව ඇතාගේ තුවාලය සහිත පාදය එක්ස්රේ සහ ස්කෑන් පරීක්ෂාවන් සිදු කරනු ලැබීය.

ඊට අදාළ දර්ශන පෙළක් Travel With Dinuka ෆේස්බුක් පිටුවට එක්කර තිබිණි. පහතින් දැන්වෙන්නේ අග්බෝට ප්‍රතිකාර කෙරෙන එම දර්ශනයි. (සංවේදී දර්ශන සහිතයි)

https://m.facebook.com/story.php?story_fbid=pfbid027aTPzysbBwBMbCq3P1eV7qodF3k2ToGjiUKbxDJSCqsARe77H3dCfaqZkZMUNwyvl&id=100057669210796&sfnsn=mo&mibextid=6aamW6