August 15, 2023

ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල මට්ටට 50% ක මට්ටමේවත් නොමැත.

වික්ටෝරියා ජලාශයේත් ජල මට්ටම 30% ටත් වඩා අඩුවී තිබේ.

සමනල වැව 4.1% දක්වා පහත බැස ඇත.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ජලය ‍උපරිම අරපිරිමැස්මෙන්  භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙයි.

දැනටමත් උස් ස්ථානවලට ජලය ලබාදීමේදී ගැටලු මතුව තිබේ.