August 13, 2023

ඉදිරි‍යේදී  10 වන වසරේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම  කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

අධ්‍යාපන ඇමැති සුසිල්  ප්‍රේමජයන්ත පවසන්නේ අදියර කිහිපයකින් එය ක්‍රියාත්මක කරන බවයි.

1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ එම කටයුතු සිදු කෙරෙනු ඇත.

ඊට අදාල සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව ඇමැතිවරයා කොළඹ රාජකීය විදුහලේ පැවති උත්සවයකදී පැවසීය.