August 7, 2023

විදුලිබල උත්පාදන සදහා අවශ්‍ය විකල්ප තීරණ ගැනීමට සහ කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.

අනපේක්ෂිත වැසිරහිත කාලගුණික තත්වය යටතේ අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමටත්, පානීය අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමටත් හැකියාව සොයාබලා ඒ සදහා වන විකල්ප යෝජනා හතරක් සම්බන්ධයෙන් ඊයේ සහ අද සාකච්ඡා කර තිබුණු අතර, එම යෝජනා සියල්ල ඇමැති කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට අද සවස ඉදිරිපත් කරන ලදී.

අනුව කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපරිම ජල ප්‍රමාණය සමනළ වැව ජලාශයෙන් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව අමාත්යංශය පවසයි.