August 7, 2023

හංගේරියාවේදි ලබන 19වැනිදා ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි නොවීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ.

ආසියානු ක්‍රීඩා උළේලේ පුහුණුවීම් සදහා ප්‍රමුඛත්වය දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ඇය ප්‍රකාශ කර ඇත.

මිටර 1500 ඉසව්වේ ගයන්තිකා අබේරත්න ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය සදහා තේරී පත්ව තිබිණි.

ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් අගදී ආරම්භවීමට නියමිතය.

පසුගියදා  තායිලන්තයේ පැවැති ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ දි ගයන්තිකා මිටර 1500 ඉසව්වේන් ලෝකඩ  පදක්කමක් දිනාගත්තාය.

ගයන්තිකා එවැනි තීරණයක් ගත්තද, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ සහ මිටර 400 ඉසව්වේන් අරුණ දර්ශන මෙන්ම පිරිමි මීටර් 400 x 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම ද  මෙවර ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වනු ඇත.