August 7, 2023

ගුවන් සමාගමක ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකු ඝාතනය කළ සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හැට එක් හැවිරිදි උඩුගම්පල පාර, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

පසුගිය තුන්වැනිදා මියගිය පුද්ගලයාගේ නිවසට ඇතුළු වූ සැකකරු විසින් එම නිවසේ සේවයේ නියුතුව සිටි කාන්තාවකගේ අත් පා ගැට ගසා මරණකරුට පිහියකින් ඇන තිබෙන බව පොලීසිය පවසයි.

සැකකරු සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදවා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වැඩිදුරටත් පොලිසිය අනාවරණය කරයි.