August 5, 2023

‘මතුවෙන්න – The Diamond Story’ මේ දවස්වල යූ ටියුබ් මාධ්‍යය තුළ ජනප්‍රිය වෙලා තියෙන ගීයක්.

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ හඬින් ඇසෙන මේ ගීතය විශේෂ වෙන්නේ කාලෙකට පස්සේ ජය ශ්‍රීලා එළිදක්වපු ගීයක් වෙන නිසයි.

තමන්ගේ හැකියාවන් සඟවාගෙන නොඉඳ, ඒ හැකියාවන් දියමන්තියක් වගේ ඔපමට්ටම් කරගෙන, ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ නැගිටින්න කියන පණිවිඩය මේ ගීතයෙන් දෙන පණිවිඩය වී තිබෙනවා.

ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද.

සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්) ගෙන්. මේ ගීතය මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත ගණනාවක සංගීත ශිල්පියා වන රැප්සිලා කරපු වෙනස් විදියේ නිර්මාණයක් වෙනවා.

“සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවි‍තේ – විඳගන්න
ජයගන්න”

මීට පෙර බොහෝ කල් අපි දුටුවේ ජය ශ්‍රී සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගීතයි.

ඒ වෙනුවට වෙනස්ම විදියේ විෂුවල් එකක් සමගින් එන ‘මතුවෙන්න‘ ගීතය ජය ශ්‍රීලට ආදරේ කරන රසිකයන්ට අලුත් අත්දැකීමකුත් හිමිකර දෙනවා.

‘ඩයමන්ඩ්‘ සංකේතය මේ ගීය පුරාම දැකගන්නට හැකියි. ඩයමන්ඩ් ගීය නිකුත් වෙන්නට පෙරාතුවම ජය ශ්‍රීලා මේ ගීය ගැන කතා කළා.

ජය ශ්‍රීලා අලුත් බිස්නස් වැඩකට සෙට්වෙලා ඉන්නවද කියන ප්‍රශ්නයත් මේ එක්ක නැගුණා. ‘මතුවෙන්න‘ ගීය පුරා දකින්නට ලැබෙන්නේ ‘ඩයමන්ඩ්‘ තේමාවයි.

අපේකම අනුව යමින් ගොඩනැගුණු වෙනස් විදියේ ගීතයක් වන ‘මතුවෙන්න‘ තුළින් ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති ලස්සන තැන් ගණනාවක් දැකගන්නට පුළුවන්.

දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් වෙනස් විදියට දැකගන්නට හැකියි.

මේ ඩයමන්ඩ් කතාවේ අබිරහස දැනගන්න. නරඹන්න….