August 1, 2023

රාජ්‍ය සේවකයන්ට තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසට නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිදු හේතුවක් මත ඉල්ලා අස්කර නොගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරයි.

චක්‍රලේඛයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මේ සතියේ දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අනතුරු අඟවා ඇති අවස්ථාවක ඔහු මෙසේ පවසා තිබේ.

ආයතන සංග්‍රහයේ මේ පිළිබඳව පැහැදිලිව දක්වා ඇති බැවින්, චක්‍රලේඛය ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනමාධ්‍යවේදීන් අමතමින් ලේකම්වරයා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරීම සැළකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින්, නිල තොරතුරු ජනමාධ්‍ය වෙත හෝ මහජනතාවට නිකුත් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස රාජ්‍ය සේවකයන්ට උපදෙස් දී ඇත.

මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ගත් තීරණය සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහ වෘත්තීය සමිතිවල දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.