July 26, 2023

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධව වෘත්තිය සමිති විරෝධතා දැක්වීමට සුදානම් වන බවට රජය අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති අතර, ඒ අනුව එය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.