July 23, 2023

ඉදිරි ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වන ‘මහා සන්ධානයකට’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවැසීය.

ඇමැති හරීන් ප්‍රනාන්දු සංවිධානය කළ වත්තල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන පැවැසුවේ නුදුරේදීම පිහිටුවන එම මහා සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය වන බවයි.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මහා සන්ධානයකින්. ශ්‍රීලනිප, සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු බොහෝ පක්‍ෂ හැදුවේ මුලින් යූඇන්පීකාරයෝ එකතුවෙලා. ඒ හැම පක්‍ෂයක්ම එකතු කරන්න වික්‍රමසිංහ ජනාධිපතිතුමා උත්සාහ කරනවා” යැයි රුවන් විජේවර්ධන පැවැසීය.

මීළඟ ජනාධිපතිවරණය, වත්මන් ජනාධිපතිවරයා, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන තිදෙනා අතර තරගයක් වනු ඇතැයි එම රැස්වීමට එක්වූ ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.