July 20, 2023

ශ්‍රී ලංකා සමුද්‍ර සංරක්ෂණ හා පර්යේෂණ සංවිධානයක් වන ඕෂන්ස්වෙල්ස් (Oceanwells) පවසන පරිදි පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ ගාලු මුවදොර ආසන්න මුහුදේ මෝරෙකු සිටි බව වාර්තා වේ.

2023 අප්‍රේල් 10 වැනි දින කොළඹ තරු පහේ හෝටලයක ඉහළ මහලේ සිට ශ්‍රී ලාංකිකයෙකු විසින් පටිගත කළ වීඩියෝවක සටහන් වති මෙම මෝරගේ දර්ශන ඕෂන්ස්වෙල් සිය ට්විටර් ගිණුමේ පළකර ඇත.

මෙම මෝරාගේ විශේෂය තවමත් අපැහැදිලි බව පවසමින් ඕෂන්ස්වෙල් පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ මුහුද අතීතයේ ‘ගල්පර මෝරුන්ගෙන්'(reef sharks) පිරී තිබූ බවයි.