July 20, 2023

ලෝ ප්‍රකට ශ්‍රී ලංකා තේ නාමයක් වන ‘ඩිල්මා තේ’ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 93 කි.

‘සිලෝන් ටී’ නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට කැපවූ ව්‍යාපාරිකයකු ලෙස මෙරිල් ජේ. ප්‍රනාන්දු හැඳින්වෙන අතර, රටවල් සියයකට වැඩි සංඛ්‍යාවකට ඔහු තම ව්‍යාපාරය පුළුල් කළේය.