July 18, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය පිළිබඳව ඉන්දියාව නිල ප්‍රකාශයක් නිකුත්කර ඇත.

එම නිවේදනයට අනුව, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 21 වැනිදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.

වත්මන් වගකීම් භාර ගැනීමෙන් පසු ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු හමුවනු ඇත.

ජනාධිපතිවරිය, අගමැතිවරයා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරන අතර, අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීතාව සඳහා මාර්ග ගවේෂණය කරනු ඇත.