July 15, 2023

දෙහිවල මල්වත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසිය වටළා තිබේ.

ආගමික සංවිධානයකට අයත් පුද්ගලයකු (පාස්ටර්වරයකු) විසින් එය පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි රඳවාගෙන සිටි පුද්ගලයන් 35දෙනකු පොලිසිය භාරයට ගෙන ඇත.

මානසික ආබාධවලින් පෙළෙන්නන් 08 දනකු ඇතුළු පිරිසක් එහි රඳවා සිට තිබේ.

මෙම 35 දෙනාගෙන් පිරිසකට ලිපි ගොනු පවා නොමැති අතර, එක් අයකුගෙන් මාසිකව රුපියල් 30,000 කට වැඩි මුදලක් අයකර ඇති බවද පොලීසිය කියයි.