July 15, 2023

සංචාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙ⁣ට (16) ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.

ගාල්ලේදී හෙට පෙරවරු 10ට ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී, එක්දින ලෝක කුසලානයට සුදුසු ලැබිමේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ඩිල්ශාන් මධුශංකට ටෙස්ට් වරම් හිමිවනු ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම හෝ විශ්ව ප්‍රනාන්දුගෙන් එක් අයෙක් පමණක් එම තරගයට කැඳවීමට නියමිතය.

ආරම්භක පිතිකරුවන් ලෙස නිශාන් මධුෂ්ක සහ නායක දිමුත් කරුණාරත්න කටයුතු කරනු ඇත.

ධනංජය ද සිල්වා ,දිනේෂ් චන්දිමාල් සහ ඇන්⁣ජලෝ මැතිව්ස් මැදපෙළ පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය.

හෙ⁣ට ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය ⁣කෙරෙහිය.

ප්‍රභාත් ජයසුරිය පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමේ කදුළු17ක් දවාගැනීමට සමත්විය.

එමෙන්ම අබාධයකට ලක්ව යළි ක්‍රිකට් පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව වන ෂහින් ෂා අෆ්රිඩි පිළිබඳවද ශ්‍රී ලංකා කණ්ඩායම සැළකිලිමත් වන බව පැවැසේ.