July 15, 2023

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය.

ඒ මීටර් 400 සහය මිශ්‍ර ඉසව්වෙනි.

තරග නිමි කාලය දැක්වුණේ මිනිත්තු 3යි තත්ත්පර 15.41ක් ලෙසයි.

එය නව ජාතික වාර්තාවක් ද වේ.

අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න,කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම නියෝජනය කළහ.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව දිනා ගත්තේය.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජපාන කණ්ඩායමයි.