July 12, 2023

දෙහිවල ‘Auburn Side’ මාර්ගය ඉදිරිපිට වෙරළ තීරයේ අඩි 08ක් පමණ දිග කිඹුලකු අද (12) පෙරවරුවේ දැකගත හැකි වූ බවට වාර්තා සඳහන් කරයි.

වෙරළ තීරයේ අයාලේ යන සුනඛයන් දඩයම් කිරීම සඳහා මෙම කිඹුලා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මුහුදට යෑමට සුදානම් වෙමින් සිටි ධීවරයන් කිඹුලා වෙරළේ සිටිනු දැකීමෙන් පසු වෙරළින් ඉවතට ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී කිමිදුම්කරුවකුට කිඹුලෙක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පසු එම මුහුදු ප්‍රදේශය කිමිදීමට සහ පිහිනීමට අනතුරුදායක ලෙස සැළකෙන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.