July 7, 2023

මෙරට පුරාවිද්‍යාඥයන් පිරිසක් සීගිරියට ආසන්න ඉබ්බන්කටුව මෙගලිතික සොහොන් ගැබේ තවත් කලාපයක කැණීමක් දියත් කර ඇත.

ඉබ්බන්කටුව සුසාන භූමිය පුරාණ ශ්‍රී ලංකාවට සම්බන්ධ මළවුන් මිහිදන් කිරීමේ චාරිත්‍ර හා සම්ප්‍රදායන් අවබෝධ කර ගැනීමට වැදගත් වන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සඳහන් කරයි.

කැණීම විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් මෙම කැණීම සිදු කෙරේ.

හෙක්ටයාර 13ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට අයත් ගල් සිස්ට් වර්ගයේ සුසානභූමි වලින් සමන්විත වේ.

1970 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා ඉබ්බන්කටුව සුසාන භූමියේ ප්‍රථම වරට කැණීමක් සිදු කර ඇත.

එතැන් පටන් 80 දශකයේ අග භාගයේදී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ජර්මනියේ KAVA (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආයතනවලින් සමන්විත දේශීය හා විදේශීය ආයතන සමූහයක් විසින් කැණීම් දෙකක් සිදුකර තිබේ.

1988 සහ 1990 දී, සුසාන කුටි 21ක පොකුරක් සොයා ගත් අතර, එම ස්ථානයේ තිබී සොයාගත් අඟුරුවල රේඩියෝ කාබන් කාල නිර්ණය අනුව එම ස්ථානය ක්‍රිස්තු පූර්ව 600ට අයත් බව තීරණය විය.

ඉබ්බන්කටුව සුසාන භූමිය පිළිබඳ අධ්‍යයනයක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2015 දී පැවැත්වූ අතර, එම අධ්‍යයනය සඳහා සුසාන කුටි 21 පොකුරට බටහිර දෙසින් මීටර 10 x 10 ප්‍රදේශයක කැණීම් සිදු කර ඇත.

පස් ඉවත් කළ පසු එම ස්ථානයේ අතිරේක සුසාන ස්ථාන 47 ක් පවතින බව හෙළිදරව් වූ අතර, ඉන් 26ක් මළවුන්ගේ භෂ්මාවශේෂ අඩංගු ගල් බඳුන් වන අතර ඒවා ගල් කුට්ටි සුසාන ලෙස හැඳින්වේ.

මෙම භූමදාන කුටීර සමහරක් වෘත්තාකාර සහ සෘජුකෝණාස්රාකාර ලෙස සරළ කලුගල් කුට්ටි (ස්ලැබ්) වලින් සාදා ඇත.

කැප්ස්ටෝන් වලින් ආවරණය කර තිබූ කුටිවල විශාල හා කුඩා ප්‍රමාණයේ 2-10 අතර මළවුන්ගේ අළු සහිත මැටි භාජන අන්තර්ගත විය.

විවිධ ප්‍රමාණවලින් සහ හැඩයන්ගෙන් යුත් මැටි භාජන රතු හෝ කළු මැටිවලින් වර්ග දෙකකින් යුක්ත විය.

ඊට අමතරව තඹ සහ යකඩ වලින් සාදන ලද ලෝහ උපකරණ, විවිධ හැඩයන්ගෙන් යුත් පබළු සහ විවිධ ද්‍රව්‍ය වලින් සාදන ලද ඒවා තිබී ඇත.

කැණීම්වලින් සොයාගත් සුසානභූමි 47 න් 21 ක මළවුන්ගේ භෂ්මාවශේෂ අඩංගු මැටි බඳුන් විය.

මෙම භූමදානය හඳුන්වනු ලබන්නේ ‘ඌර්න් බුරියල්’ යනුවෙනි.

බඳුන් විශාල හෝ කුඩා වූ අතර සමහරක් පියනක් සහිත බඳුනක් සහිත මැටිවලින් සාදා ඇත.

ඉබ්බකටුව අඩවිය ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම ඓතිහාසික සුසානභූමියයි.

සුසාන භූමියට නුදුරින් පිහිටි පොල්වත්තෙන් සොයාගත් මිනිස් ජනාවාසය, මෙරටින් හමුවූ මුල් යුගයට අයත් මානව ජනාවාස සහ එහි අනුපූරක සුසාන භූමියේ එවැනි පළමු සංකලනයයි.