July 7, 2023

රීටා අරුල්රූබන් 2012 වසරේදී බෝට්ටුවකින් ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, තාවකාලික ආරක්ෂණ වීසා මත දශකයකට වැඩි කාලයක් ගතවීමෙන් පසු ඇයට එරට ස්ථිර පදිංචිය ලබා දී ඇත.

ඇය තම පුත් ඩික්ස්ටන්ට අනුග්‍රහය දැක්වීමට උත්සාහ කළ නමුත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව 2016 දී ඇයගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.

වසර තුනකට පසු, ඔහු ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා පැමිණි නමුත්, එතැන් සිට මෙල්බර්න්හි රඳවා තබා ඇත.

ඔහුව පිටුවහල් කරන ලෙසට නියෝග කරමින්, රටින් පිටකිරීමේ දැන්වීමක් එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාසයේ නිකුත් කර තිබේ.

දෙමළ සුළුතර කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස, ශ්‍රී ලංකාව තුළ දී ඔහු වධහිංසාවට ලක්වනු ඇතැයි හෝ මරාදැමේ යැයි ඔහුගේ මව බිය වේ.

ඇයට ඉතිරිව සිටින එකම පවුලේ සාමාජිකයා වන ඇගේ පුත්‍රයා නැවතත් ඇයට ලබා දෙන මෙන් ඇය ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

2009 අවසන්වූ සිවිල් යුද්ධයේදී ඇගේ සැමියා මිය ගොස් තිබේ.

55 හැවිරිදි අරුල්රූබන් 2012 වසරේ හමුදා කඳවුරකදී ලිංගික අතවරයකට ලක්ව ඇති බව ඇය පවසයි.

ඇගේ 26 හැවිරිදි පුත්‍රයාගේ ඕස්ට්‍රේලියානු ආරක්ෂණ අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලද අතර, ඔහු අභියාචනය සඳහා සියලු මාර්ග අවසන් කර ඇත.

ඇය පුත්‍රයා සමඟ නැවත එක්වීමට බලාපොරොත්තු වූ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඇගෙන් ඈත් කිරීමට උත්සාහ කරන බවට රීටා අරුල්රූබන් චෝදනා කරයි.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක වන නීනා මර්ලිනෝ විසින් දෙපාර්තමේන්තුවේ ඉවත් කිරීමේ දැන්වීමට එරෙහිව වාරණ නියෝගයක් ගොනු කරන බව සඳහන් කර ඇත.