Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියදුරන්ගේ නොසැළකිල්ල, වාහන නඩත්තු ගැටලු සහ තුන්වැනි පාර්ශ්ව නිසා සිදුවන අනතුරු මෙරට අධිවේගී මාර්ගවල සිදුවන් අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බව අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි පවසයි.
කොළඹ ඊයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සමීක්ෂණ වාර්තාවකින් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි.
සමීක්ෂණයට අනුව, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 56%ක්ම සිදුව ඇත්තේ රියදුරන්ගේ නොසැළකිල්ල හේතුවෙනි.
මෙම අනතුරු අතරින්, 35%ක් මාරක හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්කරවන මට්ටමේ අනතුරුය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර ගෙවුණු වසර දහතුනක කාලය තුළ මාර්ග අනතුරු 9,375ක් වාර්තා වී තිබේ.
ඒ අතරින් 5,292ක් වාර්තා වී ඇත්තේ රියදුරුගේ නොසැළකිලිමත්කම හේතුවෙනි.
මෙම අනතුරුවලින් පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 637 දෙනෙකු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව ආචාර්ය හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
2024 වසරේ මේ දක්වා අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු හතක් සිදුව ඇති බවත්, එය පෙර වසර දෙකට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බවත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මෙම ජනමාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
2022 දී මාරක රිය අනතුරු 17ක් සිදු වූ අතර 2023 දී එම සංඛ්‍යාව 4 දක්වා අඩු වී තිබේ.
මෙම සංඛ්‍යාලේඛන අනුව, මාර්ග ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, විශේෂයෙන් උත්සව සමයේදී විනයගරුක රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කරන ලෙසත්, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කර ගැනීමට දායක වන ලෙස ඔහු සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර මෙහිදී සඳහන් කළේ නව තාක්‍ෂණික සන්නිවේදන මෙවලම් භාවිතයෙන් අවධානය වෙනතකට යොමු වී රිය පැදවීම නිසා සිදුවන අනතුරුවලට විසඳුම් සෙවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන පනතේ රෙගුලාසි යාවත්කාලීන කළයුතු බවයි.
මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා වත්මන් තත්ත්වයන්ට අනුකූලව නීති රීති සකස් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart