December 6, 2024

ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය බස් ඩිපෝවෙන් මිලියන 09කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නාඳුනන පිරිසක් බස් ඩිපෝවේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර බැංකුවේ තැන්පත් කිරීමට තබා තිබූ මුදල් එලෙස පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

නුවරඑළිය පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ මුරකරු නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි වියේ පසුවූ අයකු බවයි.

ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ

අනතුරුව ඩිපෝවේ කැබිනට්ටුවක් තුළ තබා තිබූ රුපියල් මිලියන 09කට ආසන්න මුදලක් සොරකම් කර ඇතැයි ද පැවසේ.

මෙම ආරක්‍ෂක නිලධාරියා ඔහුගේ මුරකුටිය තුළ සිට ඇති අතර එහිදී සැකකරුවන් තියුණු ආයුධයකින් ඔහුගේ හිසට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ ඩිපෝව භාර නිලධාරියා සහ මුදල් අයකැමිවරයා ද ඩිපෝවේ සිට ඇති නමුත් ඔවුන්ට නින්දේ පසුවී ඇති බව ද පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%