Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවක මන්ත්‍රීවරුන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
ලංකාදීපය වාර්තා කර ඇති ආකාරයට, මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප හිමි වීමට නම් පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුවේ.
නවවැනි පාර්ලිමේන්තුවේ නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු 8 වැනිදාය.
මෙසේ විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් අසූපස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඇතුළත් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන අනුවය.
වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලකට සමාන විග්‍රාම වැටුපක් හිමිවෙයි.
වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට හිමිවන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලකට සමාන විශ්‍රාම වැටුපකි.
මේ අතර මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැටුප සහ අනෙකුත් වරප්‍රසාද සියල්ල ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart