October 14, 2023

මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 08 කට මුළු මුදලින් සියයට 85ක් වැයකිරීමට අපේක්ෂා කරන බව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

එමෙන්ම අමාත්‍යාංශය 21කට වෙන් කෙරෙන්නේ, සියයට 14ට වඩා අඩු මුදලක් බවත්, අමාත්‍යාංශය දෙකකට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමින් සියයට 42ක් බවත්, ඔහු සඳහන් කරයි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56,500ක් වැය කිරීමට අපේක්ෂා කරන අතර එය මුළු වියදමින් සියයට 15ක් බව ද මහාචාර්යවරයා පවසයි.

අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 23,700ක් වැය කෙරෙන අතර, එය ආරක්ෂාව සඳහා කරන වියදමින් අඩක මුදලක්වත් නොවන බව ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 44,000ක් වෙන් කෙරෙන අතර, එය ආරක්ෂක වියදමට වඩා අඩු මුදලකි.

ණය ගෙවීම් හැර අමාත්‍යාංශය 29කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386,000ක් බවත්, එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20,300ක පමණ වැඩිවීමක් බවත්, හෙතෙම පවසයි.

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩාවැටීමක් පෙන්නුම් කරන එකක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%