Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1952 වසරේ පළමු විශ්ව රූ රැජින තරඟාවලිය පැවැත්වීමට දශකයකට පමණ පෙර දකුණු කොරියාවේ උපත ලැබූ 80 හැවිරිදි චෝයි සූන්-හ්වා මේ වනවිට එම තරඟාවලියට මෙතෙක් සහභාගී වූ වයස්ගතම තරඟකාරිය ලෙස ඉතිහාසගත වී තිබේ.
මෙම මස මුලදී, ඇය වාර්ෂික විශ්ව රූ රැජින කොරියානු තරඟයට සහභාගී වී ඇති අතර මේ දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඉකුත් සඳුදා, චෝයි තවත් තරඟකාරියන් 31 දෙනෙකු සමඟ නොවැම්බර් මාසයේදී මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින අවසන් මහා තරගය සඳහා දකුණු කොරියාව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමිකර ගෙන ඇත.
“මට ලෝකයම මවිතයට පත්කිරීමට අවශ්‍යයි, හරියට, ‘අවුරුදු 80ක කාන්තාවක් මෙතරම් නිරෝගීව සිටින්නේ කෙසේද? ඇය එම සිරුර නඩත්තු කළේ කෙසේද? ඔබේ ආහාර රටාව කුමක්ද? යන්න පිළිබඳ ඔවුන් පුදුමයට පත්වන තෙක්’’ යනුවෙන් ඇය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් CNN පුවත් සේවය වෙත පැවසුවාය.
“ඔබ වයසට යන විට, ඔබ බර වැඩිවේ. ඉතින්, මට පෙන්වන්න ඕන අපි වයසට ගියත් නිරෝගීව ජීවත් විය හැකි බව.” ඇය පැවසුවාය.
දශක ගණනාවක් පුරා, විශ්ව රූ රැජින සංවිධානය වයස අවුරුදු 18 සිට 28 දක්වා කාන්තාවන්ට සහභාගී වීම සීමා කරමින් දැඩි වයස් සීමාවන් බලාත්මක කළේය. නමුත් 2024 සිට, නවීකරණය සඳහා කෙරෙන යෝජනා මධ්‍යයේ, ඉහළ වයස් සීමාව ඉවත් කර ඇත. පසුගිය වසරේ එම සංවිධානය ගර්භනී කාන්තාවන්ට හෝ මව්වරුන්ට සහ මෙන්ම විවාහ වූ කාන්තාවන්ටද පැවැති දිගුකාලීන තහනම ඉවත් කිරීම සඳහා සුදුසුකම් නිර්ණායක ද යාවත්කාලීන කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart