Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වසරේ එක්සත් ජනපදයෙන් බෙල් 206 හෙලිකොප්ටර් යානා අටක් සහ පාකිස්ථානයෙන් FT-7 පුහුණු ගුවන් යානයක් එක් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
2025 පළමු කාර්තුවේදී එක්සත් ජනපදය විසින් TH-57 සී රේන්ජර් බෙල් 206 හෙලිකොප්ටර් යානා අටක් ගුවන් හමුදාව වෙත ලබා දෙන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සාකච්ඡාවලින් පසුව මෙම හෙලිකොප්ටර් යානා ලබාදෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරමිනි.
TH-57 සී රේන්ජර් යනු බෙල් 206 හි මිලිටරි ප්‍රභේදයක් වන අතර මූලික වශයෙන් එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බළකාය විසින් පුහුණු කිරීම වැනි මෙහෙයුම් සඳහා භාවිත කරයි.
තවද, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ පාකිස්ථාන සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් FT-7 පුහුණු ගුවන් යානයක් ප්‍රදානයක් ලෙස ලබා ගන්නා ලදී.
ගුවන් හමුදා බලඇණිය තවදුරටත් ශක්තිමත් කරමින් නුදුරු අනාගතයේ දී ගුවන් හමුදාවට එම ජෙට් යානය ලැබෙනු ඇති බව ගුවන් හමුදාපතිවරයා පැවසීය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපදයෙන් Beechcraft King Air 360ER ගුවන් යානයක් ලැබුණු අතර, දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවෙන් Beechcraft King Air 350 ගුවන් යානයක් ලැබිණි.
මෙම ගුවන් යානා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.
එම යානා රටේ සමුද්‍ර නිරීක්ෂණ ප්රයත්නයන් වැඩිදියුණු කරන අතර එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරනු ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැනි සමුද්‍ර තර්ජන මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා මුහුදේ නිරීක්ෂණ මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බවත් දේශීය ධීවරයන් සහ නාවිකයන් මුහුදු කොල්ලකෑම්වලින් ආරක්ෂා වන බවත් එයාර් මාර්ෂල් රාජපක්ෂ පැවසීය.
මීට අමතරව, ගුවන් හමුදාව කෆීර් ප්‍රහාරක ජෙට් යානා නවීකරණය කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටී.
2021 දී ඊශ්‍රායල අභ්‍යවකාශ කර්මාන්ත ආයතනය (IAI) සමඟ අත්සන් කරන ලද ගිවිසුමක් මගින් කෆීර් ජෙට් යානා පහක් වැඩිදියුණු කිරීමට නියමිතය.
පැරණි C2 සහ C3 මාදිලි වෙනුවට නවීකරණය කරන ලද C12 කෆීර් ජෙට් යානා 2025 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියට ඒකාබද්ධ කරන බව යාර් මාර්ෂල් රාජපක්ෂ තහවුරු කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය වසරේ චීනයේ නිෂ්පාදිත Y12 ගුවන් යානා දෙකක් ද මිලදී ගන්නා ලදී.
නවීන ඩ්‍රෝන ආරක්ෂක පද්ධති සහ නව ගුවන් ආරක්ෂක සහ රේඩාර් පද්ධති ද සමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ආරක්ෂක හැකියාවන් තවදුරටත් වැඩි දියුණු කර ගනිමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart