Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උසස් පෙළ විභාගය අතරතුර හිස් වැසුම් මගින් කන් ආවරණය කර සිටි බව පවසා මුස්ලිම් කාන්තාවන් සහ ගැහැණු ළමුන් 70 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ මෙම තීරණය සිසුන්ගේ ආගමික නිදහසට ඇති අයිතිය උල්ලංඝනය කරන බවයි.
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය නගරයට ආසන්නව ජීවත් වන සාපේක්ෂ අඩු ආදායම්ලාභී පවුල්වල දැරියන් ජනවාරි මාසයේදී පැවති උසස් පෙළ විභාගයේදී වඩාත් තදට අඳිනු ලබන හිජාබය වෙනුවට, වංචා වැළැක්වීම සඳහා අපේක්ෂකයන්ගේ කන් දැකිය යුතුය යන රෙගුලාසියට අනුකූල වීම සඳහා හිස් වැසීමට ලිහිල්, විනිවිද පෙනෙන සුදු හිජාබ පැළඳීමට කටයුතු කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
විභාග අධීක්‍ෂණය කළ නිලධාරීන් ද එම දැරියන්ට විභාගයට පෙනී සිටීම සඳහා ඉඩ දී ඇත.
එසේ වුවද, සිසුවියන් හිජාබ් පැළඳ සිටි බවත් එමඟින් බ්ලූටූත් ඉයර්පීස් සැඟවීමට ඉඩ සැලසිය හැකි බවත් පවසමින් විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
අනෙකුත් සිසුන්ට මැයි 31 වැනි දින විභාග ප්‍රතිඵල ලැබී ඇති බැවින් ප්‍රතිඵල අත්හිටුවා ඇති සිසුවියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
මුස්ලිම් ගැහැණු ළමුන් අධ්‍යාපනය ලැබීමේ දී බොහෝ විට තම ප්‍රජාව තුළින්ම බාධකවලට මුහුණ දෙන බවත් එවැනි බාධක ජයගත් මෙම ළමුන් මෙවැනි ‘මුස්ලිම් විරෝධී හැඟීම්වලට’ ගොදුරු වී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී මුස්ලිම් ඇඳුම සම්බන්ධයෙන් මීට පෙරද ත්‍රිකුණාමලයේ ආරවුල් ඇති වූ බවයි.
2023 වසරේ කොළඹදී ගුරු විභාගයකට පෙනී සිටින කාන්තාවන් 13 දෙනෙකු එවැනිම අභියෝගයකට මුහුණ දුන් බව වාර්තා වුවද, ශ්‍රී ලංකාවේ වෙනත් කොතැනකවත් මුස්ලිම් උසස් පෙළ අයදුම්කරුවන් එවැනි වෙනස්කම්වලට මුහුණ දී ඇති බවක් වාර්තා වී නැති බව ද එම සංවිධානය පවසයි.
විභාගවල විනිවිදභාවය සහතික කිරීමට අවශ්‍ය වුවද ආගම හෝ ලිංගභේදය මත වෙනස් කොට සැළකීම නොකළ යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart