December 8, 2023

හමුදාවෙන් නීත්‍යානුකූලව නිදහස් කර ඇති, හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 70 කට ආසන්න පිරිසක් යුක්‍රේන විදේශ සේනාංකය ලෙසද හැඳින්වෙන යුක්‍රේනයේ ‘භෞමික ආරක්ෂක අන්තර්ජාතික හමුදාවට’ බැඳීමට ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

පසුගියදා යුක්‍රේනයේදී මියගිය ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ සම්බන්ධව සිටි විශේෂ ඒකකයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ හිටපු මෙම නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් පිරිස් දැනටමත් අසර්බයිජානය, ඩුබායි සහ ඉන්දියාව වෙත ගොස් ඇති අතර, ඔවුන් පෝලන්තය හරහා යුක්රේනයට යෑමට බලාසිටින බව එම වාර්තා අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් හිටපු හමුදා නිලධාරීන් රුපියල් ලක්ෂ 10 සිට 12 දක්වා මාසික වැටුපකට යුක්‍රේන හමුදාවට එක්වන බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මේ වනවිට යුක්රේන විදේශ හමුදාවේ හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් 20කට වැඩි පිරිසක් සේවය කරන බව වාර්තා වේ.(Daily Mirror)

42.31%
17.27%
32.76%