Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවකවධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හත්දෙනකුට නවකවධයට එරෙහි නීතිය යටතේ (1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය සහ වෙනත් ප්රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත) යටතේ නඩු පවරන බව සමනලවැව පොලිසිය පවසයි.
සිසුන් හයදෙනකු සහ සිසුවියක මෙම පිරිස අතර වේ.
මෙම සිසුන් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ අවසන් වසරේ සිසුන්ය.
ජනවාරි 28 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරිණි.
මීළඟ නඩු විභාගය මාර්තු 4 වැනිදා පැවැත්වේ.
වින්දිත සිසුවිය තම පැමිණිල්ල සම්බන්ධයෙන් නවකවධය පිළිබඳ ක්ෂණික ඇමතුම් අංකය වන 1997 අමතා ඇති අතර, පොලිසිය පැවසුවේ, පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දන්වා ඇති බවයි.
මෙම සිද්ධිය තමාට මානසිකව බලපා ඇති බව ඇයගේ පැමිණිල්ලේ සිසුවිය පවසා ඇති බව පොලිසිය පවසයි.
නවකවධයට එරෙහි පනතේ තුන්වැනි වගන්තිය යටතේ සිසුන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සඳහන් වන්නේ ශිෂ්‍යයකුට හෝ කාර්ය මණ්ඩලයට බියක් ඇතිකිරීමේ අරමුණින් තර්ජනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
සමනලවැව පොලිසිය පැවසුවේ මෙම සිසුන් හත්දෙනා සිද්ධියෙන් පසු භාර වූ බවයි.
පීඨාධිපති ආචාර්ය රොහාන් අබේවික්‍රම පවසන්නේ, සිසුවියකට සිසුන් හත්දෙනා විසින් තර්ජනය කර ඇති බවත්, ඇය කණ්ඩායම් ඡායාරූපයෙන් බැහැර කර ඇති බවත්ය.
ඇය 2023 නොවැම්බර් 01 වැනි දින තමාට ලිඛිත පැමිණිල්ලක් භාරදුන් නමුත් ඒ වන විට විභාග පැවැත්වෙන බැවින් පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වූ බව ආචාර්ය අබේවික්‍රම පවසයි.
කෙසේවෙතත්,ආචාර්ය අබේවික්‍රම පවසන්නේ, ජනවාරි 8 වැනි දින අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ අතර සිසුන් සිද්ධිය පාපොච්චාරණය කළ බවයි.
“හැමෝම පාපොච්චාරණය කළා, අපි මේ කාරණය උපකුලපතිවරයාට වාර්තා කළා,” ඔහු පැවසීය.
උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පවාන්නේ, මෙම සිද්ධිය නවකවධයක් ලෙස සැළකිව යුතු නොවන බවයි.
සිසුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න තීරණය කිරීම සඳහා ඔහු නීතිඥවරයකු සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart