42.31%
17.27%
32.76%
October 15, 2024

පසුගිය නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2023 වසර තුළදී අත්හිටුවා තිබේ.

2023 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන දෙදෙනාට සභා ගර්භය අත්හිටුවන ලදී.

නියෝජ්‍ය කථානායකවරයා අසුන්ගෙන සිටි මේසයට තඩිබාමින් අසුන දෙසට දිවගොස් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට බැණ වැදීම හේතුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරිණි.

තවත් සිදුවීමකදී, 2023 ඔක්තෝබර් 19 වැනි දින මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබූ කාලය කප්පාදු කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවති විරෝධතාවක් අතරතුර සෙංකෝලය ඇල්ලීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට ස්ථාවර නියෝග 77(3) ප්‍රකාරව සති හතරකට සභාව තහනම් කෙරිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන පිරිසට ද මාසයක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා තිබිණි.

රත්‍රං ජාවාරමක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අලි සබ්රි රහීම්ගේ පාර්ලිමේන්තු පැමිණීම ද මාසයක කාලයකට අත්හිටුවන ලදී.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති චමල් රාජපක්ෂ විසින් 2024 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇතුළත් නිර්දේශ ප්‍රකාරව මෙම අත්හිටුවීම් සිදු කර ඇති බව පෙනීයයි.

42.31%
17.27%
32.76%