August 10, 2024

වතු සමාගම් හතක් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ සඳුදා පඩිපාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි.

අද මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින් ඔහු කියා සිටියේ අවශ්‍ය නම් එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ නීති හඳුන්වා දීමට තමන් සූදානම් බවයි.

වතු සේවක වැටුප සම්බන්ධයෙන් රජය නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

42.31%
17.27%
32.76%