December 29, 2023

හම්බන්තොට අන්තර්ජාතික වරායෙන් (HIP) නොවැම්බර් අගදී දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 6000කට අධික පිරිසක් පැමිණ ඇති බව එම වරාය අයත් චීන සමාගම ප්‍රකාශ කරයි.

මෙම මගීන් රැගත් මගීන් රැගෙන කෲස් ලයිනර් (cruise liners) නෞකා පහක් හම්බන්තොට වරායට පැමිණ තිබේ.

දෙසැම්බර් 11 වැනි දින මගීන් 2200ක් රැගෙන Mein Schiff 5 සුඛෝපභෝගී නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ.

එසේම, දෙසැම්බර් 05 සහ 16 යන දිනයන්හිදී මගීන් 3500ක් රැගෙන ‘Celebrity Millennium’ හා දෙසැම්බර් 19 වැනි දින මගීන් 498ක් රැගෙන ‘Nautica’ නම් නෞකාවන් පැමිණ ඇත.

‘එම්ප්‍රස්’ (Empress) නෞකාවෙන් සෑම වසරකම සංචාරකයින් 7500ක් පමණ වරායට පැමිණීම විශේෂත්වයක් වේ.

සුඛෝපභෝගී සංචාරක නෞකා ව්‍යාපාරය සාර්ථකවීමේ ප්‍රථිපලයක් ලෙස හම්බන්තොට වරායට මෙලෙස මගීන් පැමිණීම ඉහළ ගොස් තිබේ.

 

 

42.31%
17.27%
32.76%