Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාත් ඇළ ව්‍යාපෘතියේ උමං කැණීමේ යන්ත්‍රයක් වැඩට නොගෙන නවතා තැබුවාට ව්‍යාපෘති ආධාර මුදලින් කෝටි හයසියයකට වැඩි මුදලක් චීන කොන්ත්‍රාත් සමාගමකට ගෙවා ඇතැයි කාෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අනාවරණය කරයි.
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සාකච්ජාවෙන් අනතුරුව එහි සිදු වී ඇති නාස්තිය පිළිබඳව ද ජනමාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඒ බව අනාවරණය කළේය.
එහිදී ඇමැති කරුණාරත්න මෙසේද පැවසීය.
“ඒ එක් නාස්තියත් විතරයි. එමෙන්ම වයඹ, උතුර හා මිනිපේ ව්‍යාපෘතිවල වැඩ බලන්න උපදේශන කාර්යාලයක් පවත්වාගෙන යනවා. ව්‍යාප්තිවල වැඩ නවතී ඇතත් ඒ උපදේශන කාර්යාලයේ නඬත්තුවට රුපියල්වලින් ගණන් බැලුවොත් මාසිකව ලක්ෂ 115 කට වැඩිය මුදලක් තවමත් ගෙවනවා. මේ ගෙවන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ව්‍යාපෘතියට ලැබුණු ආධාර මුදල්වලින්. එසේ නැවතී ඇති ව්‍යාපෘතිවලටත් මාසිකව මෙසේ මුදල් ගෙව්වොත් අවසානයේ නැවති ඇති වැඩ ආයේ පටන් ගන්න සල්ලි ඒරොප්පයෙන් තමයි මවන්න වෙන්නේ. එය එසේ වුවත් උතුරු පළාත් ඇලේ හා මිනිපේ ව්‍යාපෘතියේ වැඩි යම්තාක් දුරට හෝ ඉවරයි. නමුත් දස වසරක වයඹ ඇළේ ප්‍රගතිය සොයා බැලිමේදී එහි වැඩ දැනට නැවතිලා. දස වසරක් තිස්සේම කිලෝ මීටර 22ක පමණ ක්‍රමවත් නැති ඇළක් කපා විතරක් තිබෙන බව පේනවා. මහ කිතුලට මහ කිරුළ ජලාශවලට වතුර ගෙනයන රක්ෂිත කඳු වැටිය අතරින් කැපිය යුතු මීටර් 550 වැනි කෙටි දුර උමඟ කපන්නට තවම අත තියලාවත් නෑ. දැනට වැඩේ නැවතිලා. දැන් සල්ලි ඉවරයිලු. ආයේ වැඩ පටන් ගන්න නම් තව කෝටි 2000ක් ඉල්ලනවාද?” යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසිය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart