October 30, 2024

වීසා කොන්දේසි උල්ලංඝණය කළ බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් සීදූව ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සීදූව – අමන්දොළුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී හයදෙනකුගෙන් යුත් මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත් බවයි.

සීදූව පොලිසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදුකළ වැටළීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 18, 23, 26, 39 සහ 43 යන වයස්වල පසුවන බංග්ලාදේශ ජාතිකයන් කල් ඉකුත් වූ වීසා බලපත්‍ර සහිතව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳීසිට ඇති බව අනාවරණය විය.

සීදූව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%